Kalu Malli – Asaadhitha (ආසාධිත) Mixtape Lyrics

ගැම්මට හැමදාමත් මං..
දැන් මට මරු ආවත් බං..
රැල්ලම කයිවාරුව නම්..
වැල්ලයි උබේ වාරුව බං..
ලොවටම ඕනේද වෙනසක්
මෙලොවට හරියන මනසක්..
පරසක්වල නවතින්න මොහොතක්..
සොයනවා මැරි මැරි හිඩැසක්…

මෑතට වේලා පොරකන සත්තු රෑන් අපි
ඈතට වෙලා බැලුවොත් තතු අඬනවා තොපි
ලියන්නෙ කියන්න කතාවක් කොටු පුරවන රටාවක්
ඕනම ජාතියේ ජරාවක් වමාරා කන සමාජයක්
හැම හඬක්ම හැම තැනකම පැතිරෙනවා නැතිවෙනවා
තර්ජන ගර්ජන මැද්දෙම ජයග්‍රහණයක් ඇති වෙනවා
දැන දැන වෙස් බලනවා මම ඔලු අත ගා රවනවා
හිත හොඳකම මට පලදෙන පාඩම් මේ මෙව්වා
ජීවිතයේ කලුවර දොරකඩ ළඟ
හොඳම මගම නොමග නොයන මග වග
නිවටයන්ට ඉව පෙන්වා අපි තාමත් ඇයි මග
ඇත්ත කියා බොරු විකුණා උන් නැග ඉනිමග
මිනිසා වෙනසක් වෙයිද මචං කපලා කොටලා පෙව්වත්
පපු පලලා දිග පළලත් අපි මැනලා පෙන්නුවත්
පන ඇද්දත් කහින්නැති ගති හැට පැන්නත් බහින්නැ බිම
අනෙකා ගැන මොන කතා මම මමමයි තාමත්..

තුන් බවනම කලම්බාද පොරක් වුනේ ඔයා..

ආසාධිත දැස.. ආරෝපිත කෝණ..
පීළී පනින මාන.. ලොවෙත් රඟපාන..
ආසාධිත දැස.. ආරෝපිත කෝණ..
පීළී පනින මාන.. ලොවෙත් රඟපාන..

තුන් බවනම කලම්බාද පොරක් වුනේ ඔයා..

කලු සුදුමද මිනිසා.. අවැසි තැනට වෙනස් වූ
කලු සුදු නැත අලු පාටයි රතු පාට මිනිස්සු
ජාතක කතා මිටකින් ඔලු දහසක් බැඳි විලසින්
මෑතක කතා කෙළෙසින් කෙළෙස් නස්නා විට මෙලෙසින්
අවම සුදුසුකම් දහසක් කියන් ආපු කතාවේ
හොඳම සුදුසුකම රහසක් සැවොම කියන යථාවේ
Trip ගියෙ නැත sick නැත අයින්ස්ටයින් ගෞතමයන්
රෙඳි ඇඳගෙනදො තොපිලා හඳේ යන්නේ නිවන සොයන්
හොයපන් කලු හොයපන් පණ යනකම් හොයපන්
හිතපන් කලු හිතපන් හිත රිදෙනකම් හිතපන්
ලියපන් කලු ලියපන් අත රිදෙනකම් ලියපන්
කියපන් කලු කියපන් කට රිදෙනකම් කියපන්
මතුරලා වැදිබන මට පිං පතාන දාන මාන
අවුරුද්දම බාර හාර වැදගත් කම් පාන
පෙළක් එවුන් දන්නේ මෙපණයි ඒ බිත්ති හතරේ යාර
දන්නේ කවුද කලුවාගේ ගෙදර තියෙන පාර
මාර අලංකාර දාර..
ගඟට කපන ඉනි වැනි හණමිටි ටයිකෝට් ගෝත්‍ර
නමට නහින තලගොයි කණපිට කරවන සූත්‍ර..
කොහෙත් රඟන මිනිසා නම් ඒ සතා විපරීත….

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s