Ahasa – Agra Harawath Sangeethaya (අග්‍ර හරවත් සංගීතය) Lyrics

(කොත්තුවා)
ඊර්ෂ්‍යාව ක්‍රෝධය කුහකකම මාන්නය
අපි ළඟ නෑ මචන් හොයන්නෙම සූස්තිය
නමින් අපි අහස
ඝනය අපේ දේව
ගේන්නන් උඹලට
රැප්වල පහස
රැප් බැමි පවුරු බාධක බිඳගෙන
පාරා රැප් වළලු අතින් අපේ දරාගෙන
ප්‍රකම්පන කරයි අපේ හඬ නින්නාද
මැද උඹලගේ මද මලානික විලාප
අයන්න අග්‍ර
හයන්න හරවත්
සයන්න සංගීතය
වදන් අපේ බලවත්
හඬ අපේ සැරනන් උඹ මට බයනන්
දැන් ඉතින් එකයි එකයි නමය අමතපන්
නරුමකම බිඳින අරුමබල රැගෙන
තරුණ පරපුරට අමර පද බෙදන
අමන සිත දමන කරන හෙළ වදන
වචන අපේ ප්‍රබල ගහයි උඹලගේ කණට
සිහ බසේ රසදෙන ලංකික දන හට
අහස නව පරපුර මේ අපේ ඇරඹුම
සටන් සංග්‍රාම සැඩ රැප් වරුසාව
බොක්කෙන් මිතුරට නෑ මවාපෑම
අතුරුදන් කරනවා මචන් සතුරව
MH370 වගේ අහස් යාත්‍රාව
කැරලිකාර කල්ලියේ පෙරළිකාර චරිතය
කොත්තුවා අහසට කොළඹ පහලවෙන්

(Uvin)
අදින් පටන් ගන්නෙ Rap ඉතිහාසෙ පෙරලිය
ගෙන එන්නෙ හෙල Rap කලාවෙ අසිරිය
බලපන් අද අහසට පායන තරු
වැඩි නෑ 6දෙනායි ඉන් දිදුලුනු
මුල මැද අග හරවත් රසවත්
සංගීතෙට ගෙන එන්නෙ නව අරුතක්
බණ නෑ අපි ලග
කරන්නෙ පෙරලිය
ලියන්නට හෙට පිටු දස දහසක්
හෙල බස මව් බස සිංහල කම
රැක ගෙන පෙරමුන
අඩහැරයට අවසර
අග්‍ර හරවත් සංගීතය ඇරඹිය
මේ සිංහල හඩ ලොව පුර රැව්දිය
අද මං Rap කතිකයෙක් තුං හෙලයට
සංදේශ ලියපන් දවසම මම ගැන
වරදින කොට අත හිත දුන්න එද මට
මුල අමතක නෑ අත දුන් ඔබ සැම
සිහින තුල කිමිදෙන්න
වචන වල සැර ගන්න
ලොවර තරුවක් වෙන්න
ජාතිවාද දුරලන්න
අහසෙ තරුවක් වෙන්න
ලොවට එලියක් දෙන්න
සිංහල කම රැක ගන්න
වචන පද ගලපන්න
උවින් මම දැන ගන්න
Rapතුමා මම මෙන්න
අතින් අත වැදගන්න
හෙල වදන් අහගන්න
අපේ කම දැනගන්න
අපේ කම විදගන්න
ආ… අහසට එක් වන්න
(Chorus)
කළු වෙලා අහස දැන් වහින්න යන්නේ…
රළු සැර වදන් එක්ක බහින්න යන්නේ…
දුවපල්ලා රැප් අහන්නැති උන්… නැත්තන් කරනවා සුන්…
අපි අහස අකමැති උන්ට නහින්න වෙන්නේ…

(RUDEBOYRAY)
අපි අහසයි, රැප් නිවසයි
අග්‍ර හරවත් සංගීත රැල්ලයි
R.U.D.E.B.O.Y.R.A.Y. rudeboyray මමයි
අහසින් වෑහෙන වදන් ගැබ්බරයි
හරය, අන්තර්ගතය නිර්මලයි
පදවැල් පෙළගැස්වෙන හැටි අරුමයි
අහසින් පොළොවට හරියටම හයදෙනයි
පණ දෙද්දි වදන්, අපේ තරුණ කටවල්
නිවේ ඉරිසියාවේ බෙලහීන ගිනිදැල්
රැප් වපුරවන් පුරා නගර නියම් ගම්
එක් වෙව් නාදෙට අහසට අත් දිගුකරන්
කිරවා හර බර දෙන්න අපේ වදන් තමයි
අහස අපේ වදන් විශිෂ්ඨයි උත්කෘෂ්ඨයි
මවලා දෙන වදන් මම ඇස් ගස්සයි
වැඩිහිටියෝ ඇහුවොත් තිරිහන් වෙනවා සහතිකයි
රස හයකින් ඔබේ කණ ලා මන් පිනවයි
රසයයි මදහසයි ආදරයයි
නොයෙක් කැටයම් ලා අපේ කවුරුන් කීවද
රස බස මිස, වස විස නැති රැප්මයි
හෙළ රැප් ලෝකෙට හෙට පායන ගරු
රැප් අරිෂ්ඨ රත්කර මිරිකා පෙරූ
නිරර්ථක වෙන්නේ නැති හීන ඇති තරු
rudeboyray මමයි රැප් මැවුම්කරු…

(TRUNO)
හලාහල විස අග්‍ර සංගීතය
සය දන කලබන රැප් පද පදනම
බධා කාරී ප්‍රවේශ ගෝෂා කාරී ගීත නාද
අප්‍රාණ ජිවිත හිස් මොළ පණ ලන්න
රැප් උප්පාදක අහස් ‍ජෙනරේටර්
දෙනවා වදන් කැරකිලා යන්න වගේ මෝටර්
එක්වෙයන් අහසට විදින්න රැප් රස
අහපන් අපේ හඩ කරන්න තරගය
ගලපපන් අක්ෂර බලපං හෝඩිය
නැ නේ මචං නැවතුම අහස උසට වචන ගොන්නට
හොද හොද සෙල්ලම් එලි වෙන ජාමෙට
එපා සල්ලම් රජ යන අහසට
නානාර්ථ අදහස මිශ්‍ර රැප් බස්
අර්ථ නොදත් දුර්වල තොපි කටවහපන්
හුරතල් වදන් පිට උනේ නැ කටින්
අන්ත්‍රය වදන් පිට වෙයි අහස කටින්
රැප් තනතුරු නාම ඕනේ නැ බොරුවට
තීන්දු තීරණ සංවාද ඕනේ නැ අහසට
ඕනේ නැ ලොකු දහඅට වන්නම්
උබලගේ කැටයම් එපා බොරු සන්නම්
එළිවැට ගලපා බෙදලම දෙන්නම්
අ’ යන්න හ’ යන්න ස’ යන්න රන්වන්
කියන දේ කෙලින් නැ හැංගිමුත්තං
ගෙදර ගිහින් කරපන් අල්ලන් සෙල්ලම්…
(Chorus)

(එකෙන්)
කටුකොල සටහන් අතරින් ගැලපුනා
මගෙ රැප් දැක්කම බැරි උන් වැලපුනා
අහසට එකෙන් 1න් මම ගැලපුනා
අහස පහස රස රහස දැන් ඇරබුනා
කලු කලොත් අහස වහින්ඩ වගේ රළු උනොත්
කලු කෙල්ලොත් රහස දැනන් වගේ ලන් උනත්
කලු සුදු වෙනස පැහැදිලිව දිස් උනත්
මගෙ රැප් හිරු වගේ එලිය දෙයි කවදත්
සමහරු නගිනවා සිරිපාදෙ අහසට යන්න කියලා හිතලා
කොච්චර උඩට නග්ගත් තාමත් පොලවෙමයි ඉන්නේ උඹලා
බලපන් හරියට උඹේ මීටරේ වැඩ කරනවද කියලා
රැප් තේරෙන්නේ නැති උන්ගේ ඇස් වල කඳුළු පිරිලා
මාර සතුටුයි ලන්කාවෙ දැන් රැප් කොල්ලෝ පිරිලා
සමහරු දැන දැනම හිත රිද්දනවා හිතලා
බලපන් අග්‍ර හරවත් සංගීතය අහස එයැයි කියලා
දැනගනින් මගෙ අදහස් වල උඹම ගැලපුම හොයලා
කන්ජුක්කුලියෙ ඉපදිලා හැදිලා වැඩිලා
සමාජෙ ගැබුරට වැටිල තැලිලා
ටැබ්ලට්, කේජී, සූස්ති ගහලා ගහලා
වදින්නෑ දැන් මගෙ වදින තැන් ගෙවිලා
අහසින් රස රහසින් පහසින්
මුවගින් පිටවෙන්නේ වදන් මාර රස්නෙන්
දෑසින් හිරුරශ්මිය විඳිමින්
අයින් වෙලා ඉඳින් යාලු මේ ඉන්නේ එකෙන්

(Prasa Kg)
සමාවෙන්න වරදක් වූවානම් මගෙන්
සමාව ඉල්ලලා පටන් ගන්නෙ උබලගෙන්
දූතයො ආවෙ අහසෙන් ගලව ගන්ඩ දුකෙන්
Rudeboy,Truno,Uvinකොත්තුවා,1න්
අහස අග්‍ර හරවත් සංගීතය
මනස පිරිසිදුයි අපි ලඟ නෑ කහට
රහස වදන් අපේ අනන්තය
වෙනස අහුව්වම ඇඩෙන්නෙ තනි ඇහැට
දිනිඳාණන් මම රැප් ආලොකය විඳිනවනම්
රිදිලානම් මොලගෙඩි අයිස් වගේ මිදිලානම්
විහිදාලා රැප් රස්නෙන් උඹලව ගලවා මං
දිනිඳාණන් ලඟට එන්ඩ එපා අනේ හැදිලානම්
කිලෝ ගනන් දැන් වැටෙනවා අහසින් වදන්
හැමෝම කරගත්තනම් හොදයි කං පදන්
නැත්තන් වැටෙන වදන් යයි උබලගෙ කං විදන්
නරි අරින්ඩම හදන්නෙ ඇයි ඉද්දි සිංහයො නිදන්
මම අහසෙ ඉඳන් රප් ලියන්නේ එලට
අද දවසෙ ඉඳන් ජාති රැප් එයි පෙලට
අහමුද සින්දු, අහස කැමති අයට මලට
ගහමුද කාඩ් එහෙනම් ලෑස්ති වෙයන් නිලට
මේක වෙනස් වෙන ලෝකය කලින් කලට
දැන් රැප් සංගීතය නැගල යන්නෙ සැරට
කවුරු හරි අකමැතිනම් වරෙන් ගේමට
ගහමුද කැරම් එහෙනම් දාන්නෙ උඹෙ හිලට

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s