Avin Weedkill & Liyon – Maanchu (මාංචු) Lyrics

(Avin Weedkill)
යාළු මතකයි එදා උනා වැරැද්දක් ජිවිත‍ේට
මතක තියා ගත්තා හොඳට ගෙවෙනකං මාරුතේට
මුණ දෙන්නේ නැනේ කවුරුත් හැමදාම ආදරේට
වැටුණට පස්සේ ජල්තර දැක්කා කාගෙත් කෑදරේට
එනවා නේද දිලිසෙනකොට පස්සේ කරුමේ
යන්න වෙනවා කාටත් නැ කවුරුත් ම පෝලිමේ
මාත් බලා ගත්තා කවුද බොක්ක උනත් දෙන්නේ
අදුර ගත්තා කවුද තනියෙන් යැව්වේ මාව භීෂණේ
කපපං ඔතපං කියලා කිව්වා උඹලා මාව වට කරං
කාටත් හොරෙං මාත් එතුවා වට පිට බල බලං
මලට වහා වැටිලා හින්දා නැ සිහිය වරෙං යමං
වැටුනා අතට මාංචුවක් හීනයක්ද මේක කියපං
සුදු කොලේ දිග අතට හදලා Missing වෙන්නේ නඩු
දෙන්නං මං පිරෙන්න ඔළු රස්තියාදු හොද බඩු
කාටවත්ම තේරුම් ගන්න බැ ජිවිතේ රලු
දලා බලපං මාංචු රස්නේ දැනෙයි උඹේ වැඩ බලු
එකක් දෙකක් නෙමෙයි වැරුදි ගොඩක් උනා කතාවේ.
හොයා ගන්න බැරි ම උනා කවුද කැපිල්ලි රටාවේ
පනට පන දෙන්න ඉන්නේ හදං මුහුනු හිනාවේ
ගලවා ගත්තා මාත් කලා සැපට ගුටිය යාලුවේ
මං දන්නවා රස්නේ හොදට දැන් බං පොලවේ
ඒක නිසයි දැනං චරිත‍ේ කවුරු කවුරුත් හැලුවේ
වැටෙනකංම මාංචු අතට එකට තමයි හිටියේ
වැටුනට පස්සේ නඩුවක් කවුරුත් නැ නේ බැලුවේ
කාටවත්ම එපා යාලු වෙන්න මාලු බොරුවට
හරිම තැනට වදින්න කියන්නේ උඹලගේ බොක්කට
හැදුනේ මමත් මාංචුවක් අතේ දාන් වෙලාවට
ජිවිතේ බාගයක් ම ගෙවිලා ගහින් මුලාවට

(Liyon)
සමාජය දරුනුයි භීෂණ කලාප බොහෝමයි
මාංචු අතෙන් ගැලවෙද්දි මට දැන් සතුටුයි..
හිතා ගන්න බෑ මේ උනේ හීනයක්ද?
මැරි මැරි ඉපදෙනවා මේක හිරගෙයක්ද?
ඔබේ උකුලේ තියන් මාව නැලවු ඒ කාලේ
සිර කුටියේ සිර වෙලා මම තරුණ කාලේ
මතට ඇබ්බැහි උනේ මම පුංචිම කාලේ
මාංචුවක් සමග ජීවිතේ යයි මගේ අකාලේ..
කරපු කරුම මගේ පස්සෙන් දැන් එන්නේ
මාරයා පමනයි දැන් මට පිහිටට ඉන්නේ
යන්න ඕන වෙලාව කියලයි මට දැන් හිතෙන්නේ
මාංචු ගලවන්නයි මම පිහිටක් පත්න්නේ…
පොලිස් කූඩුවේ ඉදගෙන කූරු ගනන් කරලා මගේ ලස්සන හීනත් දැන් විකුනුවා
බිත්ති හතරක් මැද තිබ්බ මගේ ලස්සන ජීවිතේ මට දැන් මැවි මැවි පේනවා…
ආශ්චර්යකින් බැට කාලා හිටය උබලා
කරාලු වෙනසක් නැ කිසිවක් වීලා
මොන එකා උනත් කෙලිනවා රජ වීලා
අපේ වැරදි වලින් ඉන්නේ දැන් නහුතෙට කෙලවෙලා..
රැවටිලි කැපිලි බොරුවට දැන් කියවිලි
උඩට එද්දි ඇයි උබලගේ ඔය ගෙරවිලි
දුම මට මිටර් මචං ඒත් නහයේ දුවිලි
මගේ වදන් සැරයි බං ගැලවෙයි උබලගේ රෙදිපිලි…
වාසියට පමනක් මිතුරෝ ඇසුරු නොකරන්න
පැහැදිලි චරිත විතරක් ජීවිතෙට ලං කර ගන්න
වාසියට විතරක් කැරකෙන යාලුවෝ අතහැර දමන්න
කෙල උන දවසට උබ විතරයි ඉන්නේ මතක තියා ගන්න…

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s