Gravediggers – Thowilaya (තොවිලය) Ft. Ahasa, Ja Canel, Zycho Gang, Team X Lyrics

(Truno)
පැතිරුණු රැප් වල වේගය
වෙසමුණි රැප් ආවේශය
සිංහල සිංහ නාදය
අරගෙන අහසෙන් උබලට
පිළිගෙන ගෝත්‍ර ඇරයුම
බැහැලා අහසෙන් පොලවට
කියනවා මන්තර ජප කර
දෙදරා යන්නට තොවිලය…
යගදා බිදගෙන එන්නම්
කරලිය කැන්දන් එන්නම් හෙළ රැප් පෙරලිය
බිද දා දාගෙන හෙළ රැප් බාදක
අත් දෙක උස්සපන් වැදගෙන යාගෙට..
මාරක සේනා එයි දැන් පසුපස පසුබට
වෙන්නැති අහසේ හිනාව..
පීරන් එනවා මගේ ඇග පුරාම
විහිදා රැස් මැද තොවිලේ නාදෙට….
අටකොන විහිදා හෙළ රැප් පතුරා
දෙනවා බෙහෙත් හෙළ රැප් මම මතුරා
රැපට කපන තොපේ බෙලි මම සිදදා
වෙනවා රැයේ මම තොට හෙනහුරා..
පලහා අළුකර සිදදා මොලගෙඩි
ගොක්කොල යහනක සිතුවිලි සිර කර
යකුන් නටනවා සිව් කොන බැදගෙන
අරගෙන මම යකෝ හෙළ රැප් යෂ්ටිය
නවත්තපන් තොපේ බොරු ආවේශය
වැහිලා යකෝ මට හෙළ රැප් දිෂ්ටිය
ඇරබුම මේ යකෝ හෙළ රැප් තොවිලය
වැදගෙන අහපන් මේ රැප් යාගය

(Shane Rosh)
අහස මුහුද කලඹා වර වර ළගට කැන්දා..
දුම්මල ගැහුවත් නවත්තන්න බෑ හිත රැපට බැන්දා..
සක්කර වට්ටං දැක්කත් මගෙ සීලෙ මං රැක්කා..
තොවිල් නටල රැක ගන්න අපේකම පැකිලුන්නැ හු** මං බැස්සා..
ඩෙන්න ඩෙනා ඩෙන ඩෙන්න ඩෙනා..
නාහෙන් අඩන තොපි නසන්න මෙන්න කෙනා..
වස්තර ඇන්දත් හිතේ සිංහලකම නැති නොවෙනා..
රැපට බැන්ද හිත මට නොදැනිම සින්න උනා..
නාරී උබ නසරානී සමානයි මහසෝනගෙ මණමාළී..
ඕං රීං කට්ටු කට්ටු තට්ටු කරල මට්ටු වෙන්න වෙයි
කල්ලි වල්ලි කට්ටට බෙර ගස්සන්නම් දැගලුවොත් පට්ට බැල්*..
තොවිලෙ නටල එලවන්නෙ තොපි රැපට බනින පිල්ලි..
මල් මාලා දාලා පිලිගන්නෙ මාව වගෙ මෑණී සොහොන් කාලී..
අපායට බය නැති උන් කැළබෙයි..
ඕන කැ*** මට නං ඇබරෙයි..
වරෙන් වරෙන් නැති තැන නෙමෙයි ඇති තැන වරෙන්..

(Rude Boy Ray)
පන්දම් බැඳ මල්දම්, බන්ධන්, අංගං රඟ පෙන්නුම් කෙරුමට,..
වෙන්නම් සෙත පන්නන් නූල්, බලි බිලි පිළිවෙලින් එළිවෙමින් නුඹලට,..
පද පන්නා කර පින්නාගෙන, දොල කැන්දාගෙන යමි තොවිලෙට හැන්දෑවෙම,..
බන්දා නෙත මන්දාරම, සංසාරෙම, අඩව්-කස්තිරම් අම්බානක….
යන්තම් වටෙන්ම රෑ වෙන්නා
පන්දම් පද පේළි දැල් වෙන්නා.
යක් බෙර පද නද රැව් දෙන්නා
රැප් තොවිලය ඇරඹුම් වෙන්නා….
ආතත-විතත විතතාතතා,
රැප් සිලක් දල්වන් මේ අඳුරටා,.
වෙන්නා ඵලක් මට කෙලක් කලක් දොහක් රැපක් නැගෙයි බුරා වගේ පුරා ඉරක්….
මුලු කල් බලා පදමට ගෙතෙනා – ස්ථිර පදවැල් රැළි සොඳිනා,
මේ යාගයේ හිරිගඩු පිපෙනා – නිති බලන බලන රැඟුමන් දිළෙනා,..
තොයිල් අඹර අරක් ගත් ආතුරා – මම වෙන්නම් බං බොලාට හෙළ රැප් හෙනහුරා,.
හෙළ රැප් හෙට ට ආයු බෝ ආවාඩා – රැප් තොයිල් නදට කන් දෙමු හිත් පුරා…

(Podda)
දර්පණ වර්ථන නරඹන තරමට නර්ථන පිරුවට පරදන නිරුවත
ඉනාවට ගෙන සින්න කරගෙන කදුරට
කටවාචාලකමට හැමදෙම කනපිට
වනාගෙන කරමාල මිලබාල පරිවාර පරදාර
හර දන බඩවෙලා අවතාර
විද්වත් පිලිවෙත මන්දාකිණි ඉත්තක්
සිත්මත් කරවන සෙත්කවි රොත්තක්
සමයමක් රගදෙන්න පැතිර නිමිත්තක්
පැත්තක් කරපිට දැවෙන කිනිත්තක්
*ක දෙනවද වෙඩිකනවද බොලාගෙ කැමත්තක්
සවනැති පතින් ඇපෙන් වදන්නෙ කනත්තක්
හිතකට නැති කෙටි සැපකට හිටිවැටි බඹ දෙවි තොරකොට ගති දිවි හිස මතිත්
පවනට පිටවෙන කිරණට තෙවණැසින් කලුකොටි වෙසින් එන පොඩ්ඩා තමයි පොලොන් විසෙන්
ආආආ,ආතුර සවනට ආවඩා,
මොටද පාවඩ දාගෙන හූනියන් කපන්නෙ
ලම්බෝදර දෙවි පිහිට නෑ පතන්න
සය වතකට දොලොස් අතකට
තීව්‍ර සත හට නැග මොනරෙක් පිට
(පිදෙන මෙතැන) කොප්පර පන්දමෙ
දිස්නෙන් බබලන තානායම පලකි ඇතැමුන් දකින
සමරුවක් ගන්න ඇහුවා විතරලු
පඩෙත් දැන් වෙඩිල්ලක් වෙලාලු මිතුරු
සතරවේදීලු පද නම් විසිරු මන්තර පැදි පෙල
වෙසගිරි වෙඩිමුර මදටිය කලුවර කඩවර ගම්බාර දෙවි රැකවරන් ගෙන
ඇත්තේ රෝමෙ ගිනිගෙන අපි වීණා වයාගෙන
ලෙසටම කෙල වෙන තොපි උඩ බලාගෙන…

(Psycho LSD)
පන්දම් බෙර පද තාලෙට වදිනා
යන්තම් අහෙද්දිත් කන් බෙර පැලෙනා
දිශ්ටි හූනියම් රැපෙ ප්‍රෙතයන් වලදාන්න දැන් psychoත් වැඩියා…
ගන්නෙත් පන්දම නටන්න තොවිලෙට අවසර පතන්න
රැප් වනසන තොපෙ කලකන්නි කම තොවිලෙන් අතුගා අරින්න…..
ප්‍රාන 8ක් බිලි පූජ කරත් තොපෙ කලකන්නි කම් නැසෙන්නෙ නැහැ බොල.
හිතට ගනින් පද පෙලි ගනන් තොවිලයක් නැටුවෙ රැප් වල පිලි නසන්න….
බාරෙ බලෙන් තොපි කැපුවෙ හොරෙන් වට්ටන්නට බැහැ ඩො ගොත්‍රය මුල් තැන
බිල්ල ගනින් බෙල්ලෙන් අල්ලන් දැන් කපන්න වෙලාව තොවිලෙට තොපිලව
කට්ටු 8ක් රෑ කෙම්මුර දෙව් වරනය ලබන්නෙ
කුම්බාන්ඩ රැප් දොශය රැපෙන් තුරන් කරන්නෙ
කිලි පිලි තොපි නැටු බලි රැප් තොවිලයකින් නසන්නෙ
සොබන ඇති සද්ද එප අපි හු** රගන්නෙ
ඩුම්මල පාරක් ඇකිලිල යන්නට
මුන්ගෙ වදන් කඩන් බිදන් පුපුරල ගොත්‍රය කිව්වම ඇහෙන්නෙ සද්දෙට
දෙනවනෙ දෙන එක රිදෙන්න උබලට
කොටපන් ගොක්කොල තොරනක නම්
කපන්න හදන්නෙ බෙල්ලෙන් දැන් ඉහපන් කහ වතුරත් දැන් බිල්ලට
කැප නැති මු හොරි කිල්ලක් බන්

(Pavithra)
වයඹ ආයුබෝවන්
ඇන්දා බැන්දා හීන මාත් කැන්දා කළු
පාට හින්දා කින්ඩි දැම්මා නේද යාළු
වයඹින් ටීම් X වාංශික
නිවනින් අනුහස් ලාංකික
ප්‍රාන්තික රැප් යාන්ත්‍රික පවි භාශිත මං මාංශික
ඩිස් පන්නනම් මං වෙන්නම් මසුරන් X ඝන වන්නම්
නෝර්ත් වෙස්ට් සිංහල අන්දම්
රැප් වෙස් දිෂ්ඨිය මං බං
හිස් නාටක රැප් අහගෙන දොස් දාගෙන වස් කවි ඇයි බන්
X තාලෙට රැප් මාරෙට දෙන්නම්
වැදුනම කැරකිල යයි කන්
සිතුවිලි හරහට පොදි බැදගෙන ඉපදුනු දවසෙම ජරාම ලෝකෙට
ජඩකම් බලුකම් රළුකම් වටේම
සක්කිලිකම් වුනෙ නෑ බන් අඩු මට
රත් වෙනකන් දන් නෑ මං මාවම
අවටින් වටපිට රටතොට විස්තර
ඇස් වටේම උනන කදුලු කැට කැට මත් වෙලාම මං මැරෙනව දවසක
ප්‍රේත යක්ෂ අනන්ත කල්ප සසර
පෙරුම් දම් පුරමින් සැරිසරන පාළු ලෝක
බෝ මළුවේ වියපත් බෝපත් වගේ මගේ හිතත් අදත් හෙටත් දෙයි සාප විලාප
සීත ගල මත පැන් වඩා දෝත මල් පුදා කදුළු බේරෙන වචන
රැප් වලින් අපි පුදනවා,
තොපි කන්දී හිටපියව් දෙ අත් වැදගෙන

(Young Nima king)
ඕන් රීන් කට්ටු
දැන් කරන්නම් යක්කුත් මට්ටු
මන් ජප කරන්නෙ රැප් බූක් යන්ග් නිමා කින්ග් ජා කැනල් කින්ග් බන්
සුරාන්තේ උබේ කෙල්ල මන් ගන්නම් මනුෂ්‍ය බිල්ල
මෝහිනිත් ශෝව්ටි වෙන්න අසයිලු ලොවන්න මගෙ ඛෙල්ල
යන්ග් නිමා කින්ග් ජා කැනල් ******
නැති තැන සද්ද එපා මට
නටන්නෙ මන් දැන් රැප් තොවිල් නැටිල්ල
බලන් ඉදින් දුවන්න ගෙට
තුන් මං හන්දියෙ තියන්නම් පෙරේත ගොට්ට
දාගනින් වත් නුලක් කැප
එක නැට්ටෙන් තුනක් දෙහි කැපිල්ල
යක්කු අල්ලන් මන් ගහන්නෙ ගැට
ගහන්නෙ ගැට මතුරන්නෙ වැල්ල මේ
නරයින්ගෙ කිල්ල කකියන්නෙ මොල
දැන් වත් නවත්තපන් කොල්ලො ඇඩිල්ල
මල් සින්දු නවත්තන්නයි තිබ්ඛෙ තොවිල
රැප් තොවිල මෙන්න කට්ටඩි පිදේනි දී ගත්ත රැප් නිධාන
ඕන් නැහැ විධාන බන් මම නෙ ප්‍රධාන
කලු කාබන් පෑනෙන් ගොඩ ගත්තෙ නිධාන
ඩෙන්න ඩෙනා ඩෙන ඩෙන්න ඩෙනා
මල් සින්දු අසා කොල්ලො බලු උනා
රැප් ටොනාඩො කුනාටු එන්නෙ හමා
අකමැත්තෙන් උනත් පිලිගන්න උනා
විසදන්නෙ නිමා බන් නැහැ දෙන්නෙ සමා
මන් නැහැ වෙන්නෙ පමා හරවන්නම් යවා
පැත්ත ගියත් කිව්වෙ ඇත්ත තමා
රැප් තොවිල් නටා අපි සින්න උනා

(Steel Black)
කළුවර අඩවිය මම තමයි යක්ෂ දිෂ්ඨිය
ඇදපන් සුදු සරමක් ඔතනින් ඉදගන් හොයන් පැදුරක් බැදපන්
රක්ත පාට හිසේ ජඨාව
ඒකයි තොවිලයෙ රටාව
ඇති බන් දැන් නං කථාව
මැදියම් පහු වුණු හෝරාව
ගත්තා දුම්මල අහුරක් ගැහුවා ආතුරයගෙ මූණට යැව්වා
දේවතා එළියක් රවුමක් වරුවක් තිස්සේ ඛෙරයක් පලාන ආවා
මූසල කම් නම් එමටයි වට පිටේම පිලි ගද නන් එහෙමයි
පිච්චුව පුලුටක් මළ පෙරේතයන්ට කුම්බාණ්ඩයන්ට
(ගහපු) දුම් කබලත් සාම්බ්‍රාණිත් ඉවරයි
අන්තරාදායක දිෂ්ඨි මන්තරය මැතිරුව කෙළ තුන් වාරයක් බිල්ලට
දකුණතින් බිත්තර වමතින් පන්දම ඇරියා මූණට උඹෙ කිළි යන්නට
දන්නව උඹ දැන් මතුරන විත්තිය මේකත් අහගෙන (ආ)රූඪ වෙන විත්තිය
දෙහි ගෙඩි හෝදලා ගත්තේ මන්
නලලට තියලා කපන්න බන්
(තකදොං තකදොං) සන්නි 18ම නටලා මැදියම් රෑ පහුවෙනකන් ඉදල
ගුලියක් අඹරල ඇරියා පිල්ලියක් විනයක් ඒකම එක්කට කොඩියක් අඩියක්
තියද්දි කකුලෙන් ඇද්දොත් ආයෙත්
කෙළවෙයි උඹලට සත්තයි කෂ්ටිය
කියන්නෙ මහසෝන් දිෂ්ටිය කියලා
හැබැයි රාවණා මං දරන්න බැරි උඹ අනේ හු***

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s